.webp)
COLOMBO (News 1st) – අතේ රේඛා වලින් ජිවිතේ තීරණ හා ඉරණම විසදන මිනිසුන් අතරේ, අත් නැතිව අපේ ජිවිතවල රේඛා අදිනවා
හරි අපුරුවට..
මේත් ඒ වගේ කතාවක්..
දුනු විදින්න අත්‍යවශ්‍යම මොකක්ද කියලා ඇහුවොත් නිසැකවම ඔබේ පිලිතුර වෙන්නේ, අත් දෙක
දෛවයට දෙන්න බැරි බොහෝ දෑ උත්සාහයට ලබා ගන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා
අත් දෙකම නැතිව දුනු විදලා රන් පදක්කම් දෙකක් දිනා ගත්ත16 හැවිරිදි ශීතල් දේවිටත් තියෙන්නේ ඒ වගේම ධෛර්යවන්ත කතාවක්.
පසුගියදා තිබුණ ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී අත් දෙකම නැතිව දුනු විදිලා රන් පදක්කම් දිනාගත්ත මේ ශීතල්ගේ විශේෂත්වය වෙන්නේ අත් දෙකම අහිමිව සහභාගිවන එකම තරගකාරිය ඇය වීමයි.
මේ ධෛර්යවන්ත දැරියට ඉන්දීය සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ආනන්ද් මහින්ද්‍රා ඇය කැමති ඕනෑම වර්ගයේ මෝටර් රථයක් තෝරා ගන්න අවස්ථාවක් වගේම එය ඇයට ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා
ආනන්ද් මහින්ද්‍රා ඔහුගේ ට්විටර් ගිණුමේ ශීතල්ගේ තරඟ වීඩියොවක් දක්වමින් මේ ගැන සඳහන් කර තිබෙනවා
බොහෝ අන්තර්ජාල පරිශීලකයින් මහින්ද්‍රා මහතාගේ මේ ක්‍රියාව අගය කළ අතර එක් පරිශීලකයෙක් දක්වා තිබුණේ මෙවන් සඳහනක්.
''දිනක් ශීතාල් මගේ නවතා ඇති මෝටර් රථයේ සුක්කානම මත ඇගේ දෙපා තබා සිහින සැබෑ වේ යැයි කීවාය. අපි දැනගෙන හිටියා ඇය ඒක කරයි කියලා.''
අත්ලේ රේඛාවලට අපේ ඉරණම තීරණය කරන්න ඉඩදීලා ඔහේ බලා ඉන්නවද නැතිනම් අපේ දෑතින්ම අපේ ඉරණම සකස් කර ගන්නවද කියලා යළි යළිත් හිතන්න ශීතල්ගේ අපිට අවස්ථාවක් දීලා තියෙනවා