චීන නෞකාව සමග පර්යේෂණ කටයුතු අද සිට..

චීන නෞකාව සමග මෙරට මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු අදින් ඇරඹෙයි..

by Staff writer 30-10-2023 | 9:13 AM

COLOMBO (News 1st) – ෂියෑන් සික්ස් චීන පර්යේෂණ නෞකාව සමග අද(30) මෙරට මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු ආරම්භ කරන බව, නාරා ආයතනය පවසයි.

එම ආයතනය සඳහන් කළේ, බෙන්තරට ඔබ්බෙන්වූ මුහුදේ එම පර්යේෂණ කටයුතු සිදුකරන බවයි.

එහිදී මුහුදු ජලයේ උෂ්ණත්වය, මුහුදු දියවැල්වල තත්වය, ඒවා මත්ස්‍යයින්ට බලපාන ආකාරය සහ කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් අධ්‍යයනය කෙරෙනු ඇති.

ඊට අමතරව මුහුදු ජලයේ විවිධ ජල මට්ටම්වල සාම්පල් පරීක්ෂා කිරීමට ද නියමිතව ඇතැයි නාරා ආයතනය සඳහන් කළේ ය.

ඒ සඳහා නාරා ආයතනයෙන් එක්වන නිලධාරීන් සංඛ්‍යාව 4 කි.

ඊට අමතරව නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු ද අදාළ පර්යේෂණ සදහා එක්වන බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ ය.

පසුගිය 25 වැනිදා කොළඹට ළඟා වූ ෂියැන් සික්ස් චීන පර්යේෂණ නෞකාවේ පුද්ගලයින් 60 දෙනෙකුට ගමන් කළ හැකියි.

ටොන් 260ක පර්යේෂණ උපකරණ, එම නෞකාව සතු වෙයි.