කිඹුලෙක් අරන් විදුලි දෙපාර්තමේන්තුවට ගිය ගොවීන්..

විදුලිය කප්පාදුවට විරෝධය පෙන්නන්න කිඹුලෙක් අරන් විදුලි දෙපාර්තමේන්තුවට ගිය ගොවීන්...

by Chathurika Jayasundara 26-10-2023 | 4:36 PM

COLOMBO (News 1st) – පවතින විදුලි අර්බුදයත් සමග ඊට විරෝධතා දැක්වීමට අපූරු ක්‍රමයක් භාවිතා කළ පුවතක් අසල්වැසි ඉන්දියාවේ, කර්නාටක ප්‍රාන්තයෙන් වාර්තා විය.. 

කර්නාටක ප්‍රාන්තයේ ගොවීන් තම කුඹුරුවලට ජලය සපයා ගත්තේ විදුලි පොම්ප මගින් ය. 

මේ බව විදුලිබල දෙපාර්තමේන්තු නිලධාරින් දැන සිටියත් ඔවුන් තම ප්‍රදේශයට නිරන්තරයෙන් විදුලි කප්පාදුවක් සිදු කරන බවට ගොවීන් චෝදනා කරයි.  

පසුගිය දිනක ගොවියෙකුට සිය කුඹුරේ සිටි කිඹුලෙකු දැකීමක් සමග අපූරු අදහසක් පහළ විය. 

අනෙක් ගොවීනුත් දැනුවත් කිරීමෙන් පසුව ඔවුන් කිඹුලාව ගැට ගසා  විදුලි දෙපාර්තමේන්තු කාර්යාලයට රැගෙන ආවේ වන සතුන්ගෙන් සිදුවන අනතුරු ප්‍රදර්ශනය කිරීම සඳහා යි. 

තම කාර්යාල පරිශ්‍රයේ සිටි මේ ආගන්තුක සත්ත්වයා දුටු නිලධාරීන් බියට පත්ව කිඹුලා එය රැගෙන යාමට පොලිසියට දැන්වීමෙන් අනතුරුව කිඹුලා රැගෙන ගොස් වේල්ලකට දමා තිබේ. 

මේ සිදුවීමෙන් පසු දිවා කාලයේ විදුලි කප්පාදුව අවම කරන බවට විදුලිබල දෙපාර්තමේන්තුව ගොවීන්ට සහතික වී තිබේ.