අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා පලක් නැති බව වගකිව යුත්තෝ තේරුම් ගත යුතු නොවේ ද?

by Sagarika Chathumali 26-10-2023 | 9:32 AM

COLOMBO (News 1st) - මේ දවස්වල අපි සමාජ මාධ්‍යට ගියාම දකින්න ලැබෙන සුලබ දෙයක් තමයි, මේ ක්ෂණික ණය දෙන ONLINE APP 

ගන්න හරිම ලේසි වුණාට මේවා ගෙවා ගන්න  ගියාම නම් කොටි වළිගේ එල්ලුනා  වගේ තමයි. 

ඉවක් බවක් නැතුව ගන්න මේ  ණය නිසා  සමහර පවුල් ජීවිතවලින් පවා  වන්දි ගෙවන සෝචනීය පුවත් දැන් දැන් අන්න ලැබෙනවා..  

ඔන්ලයින් ඇප් එකක් හරහා ගත්ත මේ  ණය ගෙවා ගන්න බැරුව තමන්ගේ දරු දෙන්නයි සැමියා එක්කම ජීවන ඉරණම් ගමන අවසන් කළ පවුලක් ගැන මේ දුක්බර කතාව වාර්තා වෙන්නේ,කේරළ ප්‍රාන්තයෙ කඩමක්කුඩි ප්‍රදේශයෙන්.

ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ,  නිජෝ  සහ ශිල්පා  නැමැති තරුණ මාපිය යුවල නිවස තුළදී ගෙලවැල ලා ගෙන දිවි නසා ගන්න කලින්  සිය 7 හැවිරිද සහ 5 හැවිරිදි දරුවන්ට ත් වස පොවා ඇති බවයි. 

ගත්ත ණය ගෙවා ගන්න බැරි වුණ තැන ණය ඇප් එකෙන් ආපු තර්ජනාත්මක පණිවුඩ  මේ සියදිවි නසා ගැනීමට හේතුව බවටයි , ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නෙ, 
 
හය හතර නොදන්න දරු දෙන්නෙකුටත් ජීවිත 4 වුණ හදකම්පා කරවන මේ සිද්ධිය සම්බන්ධ ඉන්දීය පොලීස් ඇහ දැන් ලංකාව පැත්තට හැරිලා. 

මොකද ශිල්පා සහ ඇයගේ ඥාාතීන්ට මේ තර්ජනාත්මක පණිවුඩ ඇවිල්ලා තියෙන්නේ, අපේ රටේ දුරකතන අංකයකින්... 

ඉන්දිය වාර්තාවලට අනුව  අන්තර්ජාලය හරහා ක්ෂණික ණය දෙන  මෙම කණ්ඩායම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ, ශ්‍රී ලංකාවේ සිටයි. 

විවිධ ප්‍රචාරණ ක්‍රම හරහා  ජනතාව අතරට යන මේ ක්ෂණික ණය  දෙන ඇවලට නියාමනයක් තියෙනව ද? 

කවුද මේවා කරන්නේ... ? 

නැත්නම් මෙවා කිසිදු  පාලනයෙන් තොර ආයතන ද?

මෙවායේ භයානකකම ගැන ජනතාව දැනුවත් ද? 

පිරමීඩවලට සල්ලි දාලා දාලා , දැන් කර කියා ගන්න දෙයක් නැතුව මිනිස්සු ක්ෂණික ණය උගුලට අහුකරගන්න එක ද දැන් මේ අලුත් ම ක්‍රමය.. 

අශ්වයා පැන ගිය පසු  ඉස්තාලය වසා   පලක් නැති බව වගකිව යුත්තෝ  තේරුම් ගත යුතු නොවේ ද?