.webp)
COLOMBO (News 1st) - අමෙරිකාවේ ලුවිස්ටන් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉන් පුද්ගලයින් 50 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.
ස්ථාන දෙකකදී වෙඩි තැබීම් සිදුකර ඇතැයි මේ වන විට අනාවරණය වී තිබේ.
තවදුරටත් නිදැල්ලේ හැසිරෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.