එකට ආණ්ඩු කරන හැටි ගැන මන්ත්‍රී නාමල්ගෙන් ජනපතිට උපදෙසක්

by Staff writer 25-10-2023 | 11:33 AM

COLOMBO (News 1st) –  සන්ධාන දේශපාලනය සිදු කරන ආකාරය පිළිබඳව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවබෝධ කර ගත යුතුව ඇති බව පොදුජන පෙරමුණු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. 

''එතුමා තේරුම්ගත යුතුයි, පරිනත දේශපාලනඥයෙක් විදිහට  සන්ධාන දේශපාලනය කරන කොට ඒ සන්ධානය එක්ක සමගියෙන්, සාකච්ඡාවෙන් ගනුදෙනු කරන්න.. '' 

ඔහු අවධාරණය කළේ, ආණ්ඩුවේ නරක පෙදුජන පෙරමුණටත් හොඳ තවත් පාර්ශවයකටත් යාම අනුමත කළ නොහැකි බයි. 

ඇමති තනතුරු මාරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් නාමල් රාපක්ෂ මන්ත්‍රීවරයා මෙම පැහැදිලි කිරීම සිදු කළේ ය.