නවසීලන්තයට තවත් ජයක්

නවසීලන්තය අපරාජිතව ලෝක කුසලාන මාවතේ...

by Staff writer 18-10-2023 | 10:24 PM

COLOMBO (News 1st) - 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගය නවසීලන්තය ලකුණු  149කින් අද (18) ජය ගත්තේ ය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 30කදී බිඳ වැටුණි.

ඩෙවෝන් කෝන්වේ ලකුණු 20යි.

දෙවැනි කඩුල්ලට රචින් රවීන්ද්‍ර සහ විල් යංග් ලකුණු 79ක සබඳතාවක් ගොඩනැගූහ.

විල් යංග් ලකුණු 54යි.

ඔවුන්ගේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 110කදී බිඳ වැටු‍ණේ ය.

අනතුරුව පිටියේ ස්ථාවර වූ නායක ටොම් ලේතම් සහ ග්ලෙන් පිලිප්ස් පස්වැනි කඩුල්ලේ සබඳතාව  ලකුණු 144කි.

ග්ලෙන් පිලිප්ස් ලකුණු 71ක් රැස් කළේ ය.

ටොම් ලේතම් ලකුණු 68යි. 

නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 288කි.

ලකුණු 289ක ඉලක්කයකින් පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානයේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 43කදී බිඳ වැටුණේ ය.

රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 11කට දැවී ගිය අතර, නායක හස්මතුල්ලා ශහිදී ලකුණු 8යි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ රහ්මත් ශා ලකුණු 36ක් රැස් කිරීමට සමත් විය.

ඇෆ්ගනිස්ථාන අවසන් කඩුලු 4 බිඳ වැටුනේ ලකුණු 14කදී යි.

මිචෙල් සැන්ට්නර් සහ ලොකී ෆර්ගසන් අතර කඩුලු 3 බැගින් බෙදී ගියේ ය.