.webp)
COLOMBO (News 1st) : ඊශ්‍ර්‍රායලයේ ආරක්ෂාවට අවශ්‍ය සියලු දේ සපයන බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවේ සහතික වී තිබේ.
ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය 1,400 කට වැඩි පිරිස අතර අමෙරිකානුවන් 31 දෙනෙකු ද සිටින බව අමෙරිකානු ජනාධිපතිවරයා එම හමුවේදී පවසා ඇත.
ගාසා තීරයේ අඛණ්ඩව ඇවිළෙමින් පවතින යුද ගිනි මාධ්‍යයේ අමෙරිකානු ජනාධිපතිවරයා අද ඊශ්‍රායලයට පිටත්ව ගියේ ය.
අමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස ඊශ්‍රායලයට ළඟා වූයේ, ජෝර්දාන රජු, ඊජිප්තු ජනාධිපති සහ පලස්තීන ජනාධිපතිවරයා හමුවීමට කලින් සැලසුම් කර තිබූ ජෝර්දාන සංචාරය ද කල් දමමිනි.
මේ අතර ගාසා තීරයේ -අල්-අහ්ලි අල්-අරාබි- රෝහලේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් පුද්ගලයින් 500 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
ගාසා තීරයේ දැවැන්ත පිපිරීම ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් සිදුවූවක් බවට හමාස් සංවිධානය සඳහන් කර ඇති නමුත් ඊශ්‍රායලය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේ ය.
ඊශ්‍රායලය පවසන්නේ පලස්තීනයේ ජිහාඩ් සංවිධානයේ අත්වැරදීමකින් මෙය සිදුවන්නට ඇති බවයි.
වෛද්‍යවරුන්, රෝගීන්, සහ කුඩා ළමුන් රැසක් මෙම පිපිරීමෙන් මියගොස් ඇතැයි සඳහන් ය.
දකුණු ගාසා ප්‍රදේශයට ගමන් කළ නොහැකිව අවතැන් වූ සිවිල් වැසියන් විශාල පිරිසක් ද
මෙම රෝහල තුළ රැඳී සිට තිබේ.
මේ අතර පසුගිය 7 වැනිදා සිට මේ දක්වා මේ දක්වා ගාසාහි මියගිය සංඛ්‍යාව 3,300ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් 13,000 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් පලස්තීන සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.