.webp)
COLOMBO (News 1st) – සපුගස්කන්ද ප්‍රදේශයේදී පොලිසිය සමග ඇතිවූ වෙඩි හුමාරුවකදි සැකකරුවෙකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ, කඳාන, පොල්පිතිමූකලාන ප්‍රදේශයේදී පසුගිය 5 වැනිදා මාලු ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු එලෙස මියගොස් ඇති බවයි.
අදාළ සැකකරු සපුගස්කන්ද පමුණුවිල සමිඳු මාවතේ සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ගිය පොලිස් නිලධාරීන්ට සැකකරු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අනතුරුව පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාර වලදී 49 හැවිරිදි අංගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු මිය ගියේ ය.