පොලිස්පතිට යළිත් සේවා දිගුවක්

පොලිස්පතිට යළිත් සේවා දිගුවක්

by Staff writer 14-10-2023 | 6:25 AM

COLOMBO (News 1st) - පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, ඊයේ (13) සිට ක්‍රියාත්මක වන පරිදි සති 3 ක සේවා දිගුවක් ලබාදී ඇති බවයි.

සී. ඩි. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් පසුගිය මාර්තු 23 වැනි දා විශ්‍රාම යෑමට නියමිතව තිබුණි.

ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී ඔහුට සේවා දිගු ලබා දුන්නේ ය.

මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී.වික්‍රමරත්න මහතා 2020 වසරේ නොවැම්බර් 27 වැනි දා පොලිස්පති ධුරයේ රාජකාරී ආරම්භ කළේ ය.