.webp)

එම සම්මේලනයේ උපසභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, මේ වනවිට විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්චා කිරීමට සූදානම් බවයි.
එමෙන්ම තම වෘත්තීකයින් පීඩාවට පත්ව ඇති ආකාරය සම්බන්ධයෙන් හා ජනාධිපතිවරයා අදාළ ගැටලු විසඳීම සඳහා මෑත කාලීනව ලබා දුන් පොරොන්දු පිළිබඳව සාකච්චා කිරීමට සූදානම් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහා ද ජනාධිපතිවරයා අද පස්වරුවේ විශේෂ සාකච්චාවක් ලබා දී තිබේ.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, එම සාකච්චාව සඳහා තම විධායක සභාව සහභාගී වන බවයි.
