පරිසර අමාත්‍ය ධුරය ජනපති යටතට

පරිසර අමාත්‍ය ධුරය ජනපති යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 13-10-2023 | 8:36 AM

COLOMBO (News 1st) - නසීර් අහමඩ් මහතා දැරූ පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගෙන තිබේ.

ඒ, අතිවිශේෂ ගැසට් නිවේදනක් නිකුත් කරමිනි. 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සමාජිකයෙකු වූ නසීර් අහමඩ් මහතා පක්ෂයේ ස්ථාවරයෙන් බැහැරව අමාත්‍ය ධුරයක් ලබා ගැනීම හේතුවෙන් එම පක්ෂය නිතිමය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

එහිදී ඔහුට අධිකරණය දුන් නියෝගයක් හේතුවෙන් පාර්ලිමේන්තු අසුන ද අහිමි විය.