.webp)
COLOMBO (News 1st) - මීටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පසුගියදා වෙඩි තබා ඝාතනය කෙරුණු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අදාළ ප්‍රදේශයේ සිටින බවට තොරතුරක් ලැබී ඇති බවයි.
එම තොරතුරට අනූව පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් අදාළ ස්ථානයට ගිය අවස්ථාවේ සැකකරු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එහිදී දෙපාර්ශවය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී 42 හැවිරිදි සැකකරු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කෙරිණ.
අනතුරුව ඔහු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.