.webp)
COLOMBO (News 1st) - අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ,කඹුරුපිටිය සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින ගංවතුර යළි ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙන්නේ, අවධානයෙන් කටයුතු කරන ලෙසයි.
තව ද බෝපේ පොද්දල, නාගොඩ සහ බද්දේගම ආශ්‍රිත ගංවතුර තත්ත්වය සුළු වශයෙන් වර්ධනය විය හැකි බැවින් විමසිලිමත්වන ලෙස ද එම ප්‍රදේශවල ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.
ඊයේ පස්වරුවේ සිට ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැළෙන වර්ෂාවත් සමග ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ගිං ගඟේ බද්දේගම ජල මාපකයේ අගය අද උදෑසන මීටර් 4.20 ක මට්ටමට පැමිණ තිබෙන අතර එය ඒ සටහන්ව ඇත්තේ, මීටර් 3.95 ක් ලෙසයි.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ හෝ රාත්‍රියේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ඌව, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත් වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇති විය හැකි අතර කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ, ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇති විය හැකි බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසයි.