.webp)
COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර මාර්ග කොටසේ 102 වන කිලෝමීටරය ආශ්‍රිත කොටස තවදුරටත් වසා තැබෙන බව, පොලීසිය පවසයි.
ඒ අනූව කොට්ටාවේ සිට හම්බන්තොට දක්වා ගමන් කරන සියලු වාහන පින්නදූව පිවිසුමෙන් පිටවිය යුතු වේ.
එලෙස පිටවන වාහනවලට ගාල්ල - දෙනියාය මාදම්පේ මාර්ගය ඔස්සේ ගමන් කර නැවත ඉමදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවිය හැකියි.
හම්බන්තොට සිට කොට්ටාව දෙසට පැමිණෙන වාහන ඉමදූව පිවිසුමෙන් පිටතට පැමිණ, ගාල්ල - දෙනියාය - මාදම්පේ මාර්ගය ඔස්සේ ගමන් කර පින්නදූව පිවිසුමෙන් නැවත අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකියි.
ඊයේ පස්වරුවේ සිදුවූ නායයෑමෙන් පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයෝ 7 දෙනෙක් තුවාල ලැබූහ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, එහිදී තුවාල ලැබූ පොලිස් සැරයන්වරයෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
එලෙස අනතුරට ලක්වුණේ අධිවේගී මාර්ග ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් පිරිසකි.
මේ අතර නායයාම වාර්තා වූ මාර්ගය දෙපස කඳුකර කොටසේ ඉහළ පෙදෙසේ පදිංචිව සිටි ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස දැනුම් දුන් බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.