දක්ෂිණ අධිවේගය අවහිර වෙයි..

දක්ෂිණ අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් වාහන ධාවනයට බාධා..

by Staff writer 11-10-2023 | 9:45 PM

COLOMBO (News 1st) - පස් කන්දක් කඩා වැටීමෙන්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොටසේ 102 වැනි කිලෝමීටරයේ මංතීරු හතරම අවහිර වී තිබේ.

 මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙන්නේ මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.

ඒ අනුව කොට්ටාව සිට හම්බන්තොට දක්වා ගමන් කරන සියලු රථවාහන පින්නදූව පිවිසුමෙන් පිටවිය යුතු අතර, ගාල්ල, දෙනියාය මාදම්පේ ඔස්සේ ගමන් කර නැවත ඉමදූව පිවිසුවමන් අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකි බව මාර්ග සංවර්ධ්‍න අධිකාරිය පවසයි.

හම්බන්තොට සිට කොට්ටාව දෙසට පැමිණෙන සියලු රථ වාහන, ඉමදූව පිවිසුමෙන් පිටවිය යුතු අතර ගාල්ල දෙනියාය - මාදම්පේ මාර්ගය ඔස්සේ ගමන් කර නැවත පින්නදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකි බවද, මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේය.