ඊශ්‍රායලයේ රැකියාවලට යන ලාංකිකයින්ට නිවේදනයක්

ඊශ්‍රායලයේ රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින්ට නිවේදනයක්

by Staff writer 11-10-2023 | 6:51 AM

COLOMBO (News 1st) - ඊශ්‍රායල් ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ හා විදේශ අමාත්‍යාංශයේ අවසර ලබා ගැනීමෙන් අනතුරුව පමණක් මින් ඉදිරියට ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ඊශ්‍රායල් පලස්තීන ගැටුම් හේතුවෙන් ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන මේ තීරණයට එළඹි බවයි.

මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ, එරටින් පිටවීමට අවශ්‍ය නම් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඒ සඳහා අවස්ථාව පවතින බවයි.