දියලපේ නාය යෑමෙන් නිවාස 15කට දැඩි හානි..

දියලපේ කන්දේ නාය යෑමෙන් ආපදාවට පත් පිරිසට තාවකාලික නවාතැන්..

by Staff writer 06-10-2023 | 6:45 AM

COLOMBO (News 1st) – අකුරැස්ස, දියලපේ කන්දේ කොටසක් නාය යාම හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවාසීන්ට මේ වනවිට  දියලපේ කණිෂ්ඨ  විද්‍යාලයේ තාවකාලික නවාතැන් ලබා දී තිබේ. 

අප වාර්තාකරු පැවසුවේ, දියලපේ, තැන්නපිටහේන ගම්මානයේ පවුල් 31කට අයත් පුද්ගලයින් 108 දෙනෙකුට දියලපේ කණිෂ්ඨ විදයාලයේ තාවකාලික නවාතැන් ලබා දී ඇති බවයි.

ඔවුන්ට අවශ්‍ය ආහාරපාන අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා මාතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකක මගින් ලබා දෙයි

ඊයේ පස්වරුවේ දියලපේ කන්දේ කොටසක් නායයාමෙන් නිවාස 15 කට දැඩි හානි සිදුවිය.