.webp)
ඒ, ඔක්තෝබර් 8 වැනි දා තෙක් වලංගු වන පරිදි ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමිනි.
නිල්වලා ගං ද්‍රෝණියට ද මිලිමීටර 100 ය ඉක්මවමින් වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර ඇති බවත්, එසේ වුවහොත් නිල්වලා ගගේ විශාල ගංවතුර ආරක්ෂණ බැමි ඇතැම් ස්ථානවලින් උතුරා යාමේ දැඩි අවදානමක් පවතින බවත් නිවේදනයේ සඳහන් විය.
පවතින තත්ත්වය පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතාගෙන් නිව්ස්ෆස්ට් අප විශේෂ විමසීමක් කළේය.
එහිදී මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා පැවසුවේ, ඉදිරි තත්ත්වයට මුහුණදීම සඳහා සූදානම් වන අතර අවතැන්වන ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
ජලය වැඩිවුවහොත් පිටබැද්දර, අතුරලිය, අකුරැස්ස, මාලිම්බඩ හා මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක් පමණ මෙහි බලපෑමට ලක්විය හැකි බව මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.