.webp)
එම දෙපාර්තමේන්තුව ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, ඒ අවට පදිංචි ජනතාව ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.
නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස නගරය තවදුරටත් ජලයෙන් යට වී පවතී.
ඒ අවට පහත්බිම් හා නිවාස ජලයෙන් යටවී තිබෙන්නේ දෛනික ජන ජීවිතය මුළුමනින්ම අඩාල කරමිනි.
අකුරැස්ස බටගොඩ, අතුරලිය, පරදූව වැනි ප්‍රදේශවලත් තවමත් ජලය රැඳී පවති.
ජනතාව චෝදනා කරන්නේ දින ගණනාවක් තිස්සේ ජලය බැස නොයන්නේ නිල්වලා ගඟ හරහා ඉදි කර ඇති ලවණ බාධකය හේතුවෙන් බවයි.
මෙම බාධකය සැකසීම හා සංවර්ධන කටයුතු පිළිබඳව ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ද සාකච්ඡාවට ලක්ව ඇතැයි නිවේදනයක සඳහන් ය.
අවසන් විසඳුමක් සඳහා මෙයට අදාළ සියලු පාර්ශ්ව එම කාරක සභාව හමුවට කැඳවීමට ද තීරණය කර තිබේ.
මේ අතර, ගංවතුර බැස යාමේ තීව්‍රතාවට ලවණ බාධකයෙන් බලපෑම් සිදුව ඇත්දැයි සෙවීමට අධ්‍යයනයක්ආරම්භ කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
මේ අතර දිවයිනේ නිරිත දිග කොටසට තද වැසි පිළිබඳ අද (06) පස්වරුවේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළේ ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.