කොල්ලුපිටියේ බිහිසුණු බස් අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු මරුට

by Sagarika Chathumali 06-10-2023 | 9:05 AM

COLOMBO (News 1st) –  කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි වටරවුම ආසන්නයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 කු මියගොස් තිබේ. 

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ, තවත් 7 කු රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, එම පුද්ගලයින් 5 දෙනා රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි බවයි. 

අද උදෑසන බස් රථය මතට ගස කඩා වැටීමත් සමග මගීන් පිරිසක් එහි සිරවූ අතර ඔවුන් මුදා ගැනීමට පොලිසිය හා සහන සේවා කණ්ඩායම්වලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. 

අප වාර්තාකරු පැවසුවේ මේ වනවිට බස් රථයේ සිටි සියලු පිරිස් මුදා ගෙන ඇති බවයි.

අද උදෑසන 6.00 ට පමණ මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, කොළඹ සිට දෙණියාය බලා ධානය වෙමින් තිබූ  මතුගම ඩිපෝවට අයත් බස් රථයකි.