.webp)
COLOMBO (News 1st) - දුම්රිය උපනියාමකවරුන් සිය වැඩ වර්ජනය අවසන් කර තිබේ.
ඒ අද පෙරවරුවේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.
මේ අතර අද පෙරවරුවේ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුම් දී තිබුණේ අද (05) දහවල් 12.00 ට පෙර සියලු උපදුම්රිය නියාමකවරුන් වහාම නියමිත සේවා ස්ථානවලට වාර්තා කරන ලෙසයි.
දැනුම්දීම සිදු කරමින් සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවුසවේ, නියමිත සේවා ස්ථානයට වාර්තා කළ නොහැකි නිලධාරීන් ආසන්නතම දුම්රිය ස්ථානයට වාර්තා කරන ලෙසයි.
දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු දුම්රිය උපනියාමකවරයෙකුට පහරදීම හේතුවෙන්, දුම්රිය උපනියාමකයින් මෙම හදිසි වැඩ වර්ජනය ආරම්භ කළේ ය.
වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (04) දිනයේ ත් දුම්රිය රැසක් අවලංගු කෙරුණි.