නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ යම් වැඩි වීමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ යම් වැඩි වීමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ යම් වැඩි වීමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

කර්තෘ Staff writer

04 Oct, 2023 | 6:09 am

COLOMBO (News 1st) – දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ යම් වැඩි වීමක් අද (04) සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දකුණු පළාතේත්, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවය.

පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් වාර්තා විය.

මේ හේතුවෙන්, දිස්ත්‍රික්ක 12 ක පවුල් 7629 ක පුද්ගලයින් 30353 දෙනෙකු පීඩාවට පත්ව සිටි.

ඉන් වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ බස්නාහිර පළාතේයි.

එම පළාතේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 25189 කි.

මේ අතර දිස්ත්‍රික්ක 8ක් සඳහා පැන වූ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකය.

කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් ඊට ඇතුළත් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]