අර්බුදය උග්‍රවෙයි… රාජ්‍ය තාන්ත්‍රිකයින් 40ක් ඉවත් කර ගන්නයි, ඉන්දියාවෙන් කැනඩාවට දැනුම්දීමක්

අර්බුදය උග්‍රවෙයි… රාජ්‍ය තාන්ත්‍රිකයින් 40ක් ඉවත් කර ගන්නයි, ඉන්දියාවෙන් කැනඩාවට දැනුම්දීමක්

අර්බුදය උග්‍රවෙයි… රාජ්‍ය තාන්ත්‍රිකයින් 40ක් ඉවත් කර ගන්නයි, ඉන්දියාවෙන් කැනඩාවට දැනුම්දීමක්

කර්තෘ Sagarika Chathumali

04 Oct, 2023 | 4:30 pm

COLOMBO (News 1st) – ඉන්දිය- කැනඩා  රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය දැන් පවතින්නේ අතිශයඋග්‍ර තැනකයි. 

ඉන්දීය සම්භවයක් සහිත කැනේඩියානු පුරවැසියාගේ ඝාතනයත් සමග ආරම්භ වූ මෙම අර්බූදයේ මේ වනවිට නවතම තත්ත්වය නම්, ඉන්දියාව එරට සිටින කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල 40ක් පමණ ඉවත් කර ගන්නා ලෙස ඉන්දියාව කැනඩාවට දැනුම්දී තිබීමයි. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඔක්තෝබර් 10 වැනිදායින් පසු රැඳී සිටිය හොත් ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය අහිමි වනු ඇති බවයි. 

පසුගිය මාසයේ කැනේඩියානු ආග්‍රාමාත්‍යවරයා  චෝදනා කළේ, කැනේඩියානු පුරවරසියෙකු වන ජාතික සීක් ජාතික  ආගමික නායකයාගේ ඝාතනය පිටුපස ඉන්දියාව සිටින බවටයි. 

පසුගිය ජූනි 18 වැනිදා වෙඩි තබා ඝාතනය කෙරුණු ඔහු ඉන්දියාවේ සිට කැනඩාවට පැමිණ පුරවැසිභාවය ලබා ගත් සීක් ආගමික නායකයෙකි.  

කෙසේ වෙතත් ඉන්දියාව මෙම චෝදනා  ප්‍රතික්ෂේප කළ අතර දෙරට අතර අර්බුදය ලියලා  වැඩෙන්නට පටන් ගත්තේ, කැනඩා  අග්‍රාමාත්‍යවරයාගේ එම චොදනාවත් සමගයි.  

මීට සති කිහිපයකට පෙර ඉන්දියාව කැනේඩියානු පුරවැසියන්ට වීසා නිකුත් කිරීම ද නැවත දැනුම් දෙනතුරු  අත්හිටුවීමට තීරණය කළේ ය. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]