කටුනායක ගුවන්බඩු අංගනයේ රුපියල් මි. 42ක හෂීස්

රුපියල් මි. 42ක හෂීස් තොගයක් කටුනායක ගුවන්බඩු අංගනයේ

by Sagarika Chathumali 03-10-2023 | 3:02 PM

COLOMBO (News 1st) - කටුනායක ගුවන් බඩු අංගනයෙන් රට තුළට ගෙන ඒමට තැත්කළ භාණ්ඩ තොගයක තිබී විෂ මත්ද්‍රව්‍ය තොගයක් රේගු ආදායම් අධීක්ෂණ අංශය විසින් සොයාගනු ලැබ  තිබේ. 

එහි අසුරණ 05 ක හෂීශ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35 ක් සොයා ගෙන තිබේ. 

එහි වටිනාකම රුපියල් මිලියන 42 කි. 

සොයාගත් එම භාණ්ඩ  ඉතාලියේ සිට මෙරටට එවා ඇති අතර එම පාර්සල් නිවෙසටම බෙදාහරින ආයතනයකට ඇති බව සඳහන් ය. 

මෙරට අයිතිකරු හඳුනාගෙන නොමැති ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන  මගින් සිදු කරනු ලබයි.