සංගක්කාර මාලිබෝන් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටු සභාපති

කුමාර් සංගක්කාර මාලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටු සභාපති ධුරයට

by Staff writer 03-10-2023 | 2:16 PM

COLOMBO (News 1st) - හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ. 

කුමාර් සංගක්කාර  2021 වසරේ සිට මාලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. 

මාලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක කමිටුවේ සභාපතිවරයා ලෙස මින් පෙර කටයුතු කළේ හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මයික් ගැටින් ය .

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙස සැලකෙන කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 134ක්, ක්‍රීඩා කර ඇති අතර ලබා ඇති ලකුණු සංඛ්‍යාව 12,400කි. 

ඔහු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 404කදී ලකුණු 14234ක් රැස් කර ඇති අතර, පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග 56කදී ලකුණු 1382ක් රැස් කරගෙන තිබේ.