නේපාලයේ ප්‍රභල භූ කම්පන මාලාවක්… නවදිල්ලියත් සෙලවෙයි

නේපාලයේ ප්‍රභල භූ කම්පන මාලාවක්… නවදිල්ලියත් සෙලවෙයි

නේපාලයේ ප්‍රභල භූ කම්පන මාලාවක්… නවදිල්ලියත් සෙලවෙයි

කර්තෘ Sagarika Chathumali

03 Oct, 2023 | 4:08 pm

COLOMBO (News 1st) – නේපාලයේ ප්‍රබල භූ කම්පන මාලාවත් සමග භූ කම්පනවල ප්‍රබලත්වය නවදිල්ලි නුවරට ද දැනී ඇතැයි, වාර්තා වේ . 

ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ, විනාඩි 25 ඇතුළත සිදු වූ භූ කම්පන දෙකේ  ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒ්කක 4.6 ලෙස සහ අනෙක මැග්නිටියුඩ් ඒ්කක 6.2 ක් ලෙස සටහන්ව ඇති බවයි. 

මැග්නිටියුඩ් ඒ්කක 3.6 ප්‍රබලත්වයෙන් යුත් තුන්වැනි භූ කම්පනය සිදුව ඇත්තේ, විනාඩි 15කට පසුවයි.   

ඉන් විනාඩි 13කට පසු සිව්වන භූ කම්පනය සිදුව ඇති අතර එහි ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ, මැග්නිටියුඩ් ඒ්කක 3.1 ක් ලෙසයි. 

භූ කම්පනයේ අපිකේන්ද්‍රය නේපාලයේ වන අතර එය කිලෝමීටර් 5ක පමණ ගැඹුරක සිදුව තිබේ.

මෙම භූකම්පන අවට නගර මෙන්ම රටවල් කිහිපයකට ද දැනී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]