දිනක් තුළ ඉන්දියාවේ රෝහලක බිළිඳුන් 12ක් ඇතුළු 24ක් මරුට

දිනක් තුළ ඉන්දියාවේ රෝහලක බිළිඳුන් 12ක් ඇතුළු 24ක් මරුට

දිනක් තුළ ඉන්දියාවේ රෝහලක බිළිඳුන් 12ක් ඇතුළු 24ක් මරුට

කර්තෘ Staff writer

03 Oct, 2023 | 7:21 am

COLOMBO (News 1st) – ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක අලුත උපන් බිළිඳුන් 12දෙනෙකු ඇතුළුව රෝගීන් 24 දෙනෙකු දිනක් තුළ මිය ගොස් තිබේ.

රෝහල් බලධාරීන් සඳහන් කළේ, ඔවුන් බොහෝ දෙනෙකු සර්ප විෂ ශරීර ගත වීමෙන් මිය ගොස් ඇති බවයි.

මිය ගිය අය අතර බහුතරයක් බිළිඳියන් ය.

මහාරාෂ්ට ප්‍රාන්තයේ විපක්ෂය චෝදනා කරන්නේ රෝහලේ වෛද්‍ය පහසුකම් සහ කාර්ය මණ්ඩලයේ හිඟකම මීට හේතුවී ඇති බවයි.
 
එම චෝදනා රෝහල් බලධාරීන් ප්‍රතික්ෂේප කළහ. 

මරණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වෛද්‍ය අධ්‍යාපන හා පර්යේෂණ අධ්‍යක්ෂවරයා කමිටුවක් පිහිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]