English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
02 Oct, 2023 | 4:19 pm
COLOMBO (News 1st) – ඉන්දුනීසියාව සිය ප්‍රථම අධිවේගී දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කර තිබේ.
චීන ජනපතිගේ – එක් තීරයක් එක් මාවතක් – සැලැස්ම යටතේ චීන අනුග්‍රය ඇතිව ඉදිකෙරුණු මෙම ව්‍යාපෘතිය සඳහා වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 7.3 කි.
ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ අතින් විවෘත කෙරුණු මෙම නව දුම්රිය මාර්ගය ජකර්තා අගනුවර සහ ප්‍රධානතම ආර්ථික කේන්ද්‍රස්ථානයක් වන බැන්ඩුං වෙත සම්බන්ධ වේ.
පැයට කිලෝමීටර් 350 ක වේගයකින් ධාවනය කෙරෙන මෙම දුම්රිය හූෂ් ලෙස නම් කර ඇත්තේ, විශ්වාසය සහ කාලය ඉතිරි කිරීම යන අර්ථය ඇතිවයි.
2019 වසරේදී විවෘත කිරීමට නියමිතව තිබූ දුම්රිය ප්‍රමාද වූයේ, ඉඩම් වෙන් කර ගැනීමේ ගැටලු සහ කොවිඩ් වසංගතය සහ ව්‍යාපෘතිය සඳහා තවත් අමතර ඩොලර් බිලියන 1.2ක් වැය වීම හේතුවෙනි.
ඉන්දුනීසියානු වාර්තා සඳහන් කරන්නේ, අධිවේගී දුම්රිය මාර්ගය නිසා එරට ආර්ථික වර්ධනය වනු ඇති බවයි.
මෙම අධීවේගී දුම්රිය මාර්ගය චීන ජනාධිපති ෂී ජින් පින්ගේ දේශීය යටිතල පහසුකම්වල ආයෝජනය හරහා ගොඩබිම සහ මුහුද යා කරමින්ආසියාව , අප්‍රිකාව සහ යුරෝපය යා කරන – ඒක් තීරයක් ඒක් මාවතක් – දස අවුරුදු සැලැස්මේ එක් ව්‍යෘපෘතියකි.
අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථීකය හිමි ඉන්දුනීසියාව සිය වෙළඳ සහකරු වන චීනයේ බොහෝ ආයෝජන සිදු කරමින් තිබීම ද විශේෂත්වයකි.
30 Nov, 2023 | 01:13 PM
20 Nov, 2023 | 06:44 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS