.webp)
01.විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාව සලකා බලමින් ඇතැයි මහජන උපයෝගිතා කොමිසම කියයි..
විදුලි බිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
02.සීතා ඇතින්නට මහියංගනයේදී වෙඩි තැබීම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙක් අත්අඩංගුවට
මහියංගනය රජමහා විහාරයේ පෙරහැර මංගල්‍යට සහභාගි වීම සඳහා ගොස් සිටි මහරගම සීතා නම් ඇතින්නට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
03.ශ්‍රී ලංකාවේ යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත අදහස් ප්‍රකාශ කිරීමේ, සහ තොරතුරු දැනගැනීමේ නිදහසට පහරක් - ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම
යෝජිත මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත, අදහස් ප්‍රකාශ කිරීමේ, සහ තොරතුරු දැනගැනීමේ නිදහසට පහරක් වනු ඇතැයි ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම පවසයි.
04.ව්‍යාජ චෝදනා ගොනු කර පුද්ගලයින් පිරිසකට නඩු පැවරූ පොලිස් නිලධාරින් ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශන..
ව්‍යාජ චෝදනා ගොනු කර පුද්ගලයින් පිරිසකට නඩු පැවරූ පොලිස් නිලධාරින් පිරිසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
05.ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණයෙන් 3244ක් පීඩාවට..
ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 3244 ක් දක්වා ඉහළ ගොස් තිබේ.