.webp)
47 හැවිරිදි සීතා ඇතින්නට වෙඩි තැබීම සිදු කර ඇත්තේ පෙරහැරට සහභාගී වීමෙන් අනතුරුව විහාර භූමියේ දම්වැල් දමා බැඳ දමා තිබියදියි.
ඇතින්නට වෙඩි තැබීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව, වන ජිවි අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සුරියබණ්ඩාර මහතා සඳහන් කළේ ය.
වෙඩි වැඳුනු ඇතින්නට ප්‍රතිකාර කිරිම මේ වන විට ආරම්භ කර තිබේ.
මහියංගනය පොලිසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බවයි.