ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමෙන් නිවේදනයක්..

ශ්‍රී ලංකාවේ යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත අදහස් ප්‍රකාශ කිරීමේ, සහ තොරතුරු දැනගැනීමේ නිදහසට පහරක් - ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම

by Hashini De Mel 30-09-2023 | 8:06 AM

COLOMBO (News 1st) – යෝජිත මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත, අදහස් ප්‍රකාශ කිරීමේ, සහ තොරතුරු දැනගැනීමේ නිදහසට පහරක් වනු ඇතැයි ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම පවසයි. 

ඔවුන් මේ බව සඳහන් කළේ, නිවේදනයක් නිකුත් කරමින් ය.

අන්තර්ජාලය හරහා සිදු කෙරෙන වෛරී ප්‍රකාශ සහ වැරදි තොරතුරු පැතිරීම පාලනය කළ යුතු නමුත්, ශ්‍රී ලංකාවේ යෝජිත පනත් කෙටුම්පතෙහි ගැඹුරු දෝෂ පවතින බව ඔවුන් පෙන්වා දෙයි.  

මෙම කොමිසමේ නීති සහ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ඉයන් සීඩර්මන් පැවසුවේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීමට, ශ්‍රී ලංකා රජය අඛණ්ඩව අපොහොසත් වී ඇති පසුබිමක මෙවැනි පනතක් අවභාවිතා වීමේ වැඩි ඉඩකඩක් ඇති බවයි. 

රජයේ හැසිරීම සහ රජයේ ප්‍රතිපත්ති පිළිබඳව සිදුවන මහජන විවාදය යටපත් කිරීමට, මෙම පනත භාවිතා කිරීමේ අවදානමක් ඇති බවද ඔවුන් සදහන් ක‍ළේ ය. 

 

වැඩි විස්තර සඳහා පිවිසෙන්න