.webp)

COLOMBO (News 1st) – කැලණි සහ අත්තනගළු ඔයේ ජල මට්ටම් ද අවදානයෙන් සිටිය යුතු මට්ටමට ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේ, ගිං , නිල්වලා හා කළු ගංගා තවදුරටත් ගංවතුර මට්ටමේ පවතින බවයි.
එම ගංගා අවට මාර්ග රැසක් ද මේ වන විට ජලයෙන් යටව පවතී.
එස් පී සී සුගීෂ්වර මහතා දැනුම් දෙන්නේ තවදුරටත් ගංගා භාවිතායෙන් වැළකී සිටිය යුතු බවයි.
පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 07කට පැනවු නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ද යළි දීර්ඝ කෙරිණ.
මේ අතර , දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ද අපේක්ෂා කළ හැකියි.
