යල කන්නයේ වී මිල දී ගැනීම තාවකාලිකව අත්හිටුවයි..

යල කන්නයේ වී මිල දී ගැනීම අද සිට තාවකාලිකව අත්හිටුවයි - වී අලෙවි මණ්ඩලය

by Staff writer 30-09-2023 | 12:41 PM

COLOMBO (News 1st) – යල කන්නයේ වී මිල දී ගැනීම අද(30) සිට තාවකාලිකව අත්හිටුවන බව වී අලෙවි මණ්ඩලය පවසයි. 

එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ , වී මිලදී ගැනීම සඳහා ගබඩා විවෘත කර තැබුවද එකඳු ගබඩාවකට හෝ වී නොලැබෙන බවයි.

ඒ අනුව එම ගබඩාද වසා දැමීමට පියවර ගෙන තිබේ.