.webp)

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය මහතා පැවසුවේ, අදාල පුද්ගලයාට ලබාදුන් කෝ ඇමෙක්සි ක්ලොව් නමැති ප්‍රතිජීවක ඖෂධයේ ගැටලුකාරි තත්ත්වයක් නොවන බවට එම විමර්ශන වාර්තාව පෙන්වාදී ඇති බවයි.
එම රෝගියාගේ ජෛව සාම්පලද වැඩිදුර විමර්ශන සඳහා ඉන්දියාවට යවා ඇති අතර එහි වාර්තා මෙතෙක් ලැබී නැහැ.
කැපුම් තුවාලයකට ප්‍රතිකාර ගැනීමට වරකාපොළ සිට පැමිණි 50 හැවිරිදි පුද්ගලයෙක් පසුගියදා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් විය.
පවුලේ ඥාතීන් චෝදනා කළේ, අදාළ ප්‍රතිජීවක ඖෂධය ලබා දීමෙන් පසු ඔහු ගිය බවයි.
