රුසියාව, කසකස්ථානය සහ අසර්බයිජානය නියෝජනය කරමින් තේ ව්‍යාපාරිකයින් පිරිසක් ලබන මස දිවයිනට

රුසියාව, කසකස්ථානය සහ අසර්බයිජානය නියෝජනය කරමින් තේ ව්‍යාපාරිකයින් පිරිසක් ලබන මස දිවයිනට

රුසියාව, කසකස්ථානය සහ අසර්බයිජානය නියෝජනය කරමින් තේ ව්‍යාපාරිකයින් පිරිසක් ලබන මස දිවයිනට

කර්තෘ Staff writer

30 Sep, 2023 | 6:14 pm

COLOMBO (News 1st) – මෙරට ප්‍රධාන තේ ගැණුම්කරුවන් වන රුසියාව, කසකස්ථානය සහ අසර්බයිජානය නියෝජනය කරමින් තේ ව්‍යාපාරිකයින් පිරිසක් ලබන මාසයේ දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ, ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ ආරාධනයකට අනුවයි.

ලබාදී ඇති විකුණුම් ඉලක්ක සපුරා ගත්, විදෙස් ගැණුම්කරුවන් 50 දෙනෙකු ඒ සඳහා සහභාගී වනු ඇති.

ලංකා තේ ප්‍රවර්ධනය වෙනුවෙන් වෙළෙඳපොළ තුළ ලැබූ ප්‍රගතිය ඇගයීමට ලක් කරමින් ඔවුන් සඳහා සම්මාන ප්‍රදානය කිරීමට ද නියමිතය.

මෙරට රැඳී සිටින කාලය තුළ ඔවුන්, තේ වගා බිම් මෙන්ම කර්මාන්තශාලා ද නිරීක්ෂණය කරනු ඇති.

ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය විසින් එය සංවිධානය කරන්නේ, ලංකා තේ ජාත්‍යන්තරය තුළ තවත් ප්‍රචලිත කිරීමේ අරමුණින්ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]