.webp)
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා සඳහන් කළේ, මේ යටතේ මහනුවර යුගයේ පහතරට සම්ප්‍රදායට අයත් විහාර සිතුවම් සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දී ඇති බවයි.
ව්‍යාපෘතිය යටතේ විහාරස්ථාන 40 ක පමණ සිතුවම් සංරක්ෂණයට හැකි වූ බවද ඔහු පැවසුවේ ය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, වැඩ නිම කළ කතළුව රජමහා විහාරය හා මිරිස්සේ සමුද්‍රගිරි විහාරය නුදුරේදීම ජනතා අයිතියට පත් කරන බවයි.
මේ අතරම කහවිල්ගොඩ විහාරස්ථානයේ චිත්‍ර සංරක්ෂණය මේ සතියේ ආරම්භ කර ඇතැයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ ය.