.webp)
බුද්ධ ශාසනය තුළ භික්ෂුණී ශාසනය ආරම්භවීම සිදු වූ දිනය වන බැවින්, බිනර පොහොයට ශාසන ඉතිහාසයේ හිමිවන්නේ වැදගත් ස්ථානයකි.
බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු 500ක් කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද වැනි පුර පසලොස්වක දිනකයිදී ය.
එහිදී ආනන්ද තෙරුන් වහන්සේගේ මැදිහත්වීම මත බුදුන්වහන්සේ විසින් භික්ෂුණීන් පිළිපැදිය යුතු ගරු ධර්ම අටක් පනවමින් ඊට අවසර ලබාදුන්නේ ය.
ශාසනික මෙන්ම සාහිත්‍යමය වශයෙන් ද ලෝකවාසී බෞද්ධ ජනතාවට බිනර පොහොය වැදගත් දිනයකි.
වස් වැසීමේ යෙදී සිටින භික්ෂුන් වහන්සේ ආරාමවලින්, ලෙන්වලින්, වනසෙනසුන්වලින් බැහැර නොගොස් ශාසනික, භාෂාමය හා සාහිත්‍යමය වශයෙන් විශාල මෙහෙවරක් මේ කාලසීමාව තුළ සිදුකරනු ලබයි.
සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක පොත් වහන්සේ වැනි සම්භාව්‍ය ගණයට ගැනෙන ධර්ම ග්රන්ථ රැසක් බිනර මාසයේ ලියවුණ බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.
අද දිනයේ සිරසා නමාමී පොහෝ දින වැඩසටහන් මාලාව සිදුකෙරෙන්නේ ඓතිහාසික මහියංගණ පුරාණ රාජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් ය.