English
தமிழ்
කර්තෘ Staff writer
29 Sep, 2023 | 10:12 pm
ගුවහටිහිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ කුසල් ජනිත් පෙරේරා.
කුසල් ජනිත් පෙරේරාට ලකුණු 34කට පිටියෙන් ඉවත් වීමට සිදු වුණේ ආබාධයකට ලක් වීමත් සමගයි.
අනතුරුව පැතුම් නිස්සංක සමග එක් වූයේ කුසල් මෙන්ඩිස්.
ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 64කින් ලකුණු 68ක් රැස් කළේ ය.
4 පහර 8ක් සහ 6 පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත් වේ.
ශ්‍රී ලංකා මැද පෙළ ශක්තිමත් කළ ධනංජය ද සිල්වා ලකුණු 55ක් රැස් කළේ ය.
මෙහිදී හසන් ලකුණු 36ට කඩුලු 3යි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 263ක් රැස් කළේ ය.
බංග්ලාදේශ පිළිතුරු ඉනිම ආරම්භ කළේ ටන්සිඩ් හසන් සහ ලිටන් ඩාස්.
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 131ක සබඳතාවක් ගොඩනැගුවේ ය.
ලිටන් ඩාස් ලකුණු 61යි.
හසන් ලකුණු 84ක් රැස් කළේ 4 පහර 10ක් සහ 6 පහර 2ක්ද සමගිනි.
ලකුණු 264ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය තරගය ජය ගත්තේ කඩුලු 3ක් දැවී සිටියදීයි.
01 Dec, 2023 | 01:28 PM
21 Nov, 2023 | 09:41 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS