විහාරස්ථාන 14 ක මහනුවර යුගයට අයත් සිතුවම් සංරක්ෂණය කිරීමේ වැඩසටහනක්..

විහාරස්ථාන 14 ක මහනුවර යුගයට අයත් සිතුවම් සංරක්ෂණය කිරීමේ වැඩසටහනක්..

විහාරස්ථාන 14 ක මහනුවර යුගයට අයත් සිතුවම් සංරක්ෂණය කිරීමේ වැඩසටහනක්..

කර්තෘ Staff writer

29 Sep, 2023 | 7:23 am

COLOMBO (News 1st) – විහාරස්ථාන 14ක මහනුවර යුගයට අයත් සිතුවම් සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කර තිබේ. 

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා සඳහන් කළේ, මේ යටතේ මහනුවර යුගයේ පහතරට සම්ප්‍රදායට අයත් විහාර සිතුවම් සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දී ඇති බවයි.

ව්‍යාපෘතිය යටතේ විහාරස්ථාන 40 ක පමණ සිතුවම් සංරක්ෂණයට හැකි වූ බවද ඔහු පැවසුවේ ය. 

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, වැඩ නිම කළ කතළුව රජමහා විහාරය හා මිරිස්සේ සමුද්‍රගිරි විහාරය නුදුරේදීම ජනතා අයිතියට පත් කරන බවයි. 

මේ අතරම කහවිල්ගොඩ විහාරස්ථානයේ චිත්‍ර සංරක්ෂණය මේ සතියේ ආරම්භ කර ඇතැයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ ය. 
 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]