English
தமிழ்
කර්තෘ Staff writer
29 Sep, 2023 | 7:03 am
එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, මේ වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනයට නොහැකි වීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක පිරිවැයක් වැය වූ බවයි.
මේ වසරේ අපේක්ෂා කළ ජල විදුලි ධාරිතාව ගිගා වෝට් පැය 4500කි.
එහෙත් ලබා ගැනීමට හැකිවූයේ ගිගා වෝට් පැය 3750 ක් පමණක් බව සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ය.
ඔහු සඳහන් කළේ , ඒ අනුව ගිගා වෝට් පැය 750 ක් අතිරේකව තාප බලාගාරවලින් ලබා ගැනීමට සිදුවූ අතර ඒ සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ බවයි.
පවතින තත්ත්වය හමුවේ විදුලි නිෂ්පාදනයට වැය වූ අතිරේක මුදල පියවා ගැනීමට මෙම අතිරේක ඉල්ලීම පෙරේදා දිනයේ සිදු කළ බව ආචාර්ය නරේන්ද්‍ර සිල්වා පැවසුවේ ය.
ඔහු සඳහන් කළේ ඊට අදාළ සවිස්තරාත්මක දත්ත ලබන සඳුදා දිනයේ මහජන උපයෝගිතා කොමිසමට ලබා දෙන බවයි.
මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතාගෙන් නිවුස්ෆස්ට් විමසීමක් කළේ ය.
ඔහු පැවසුවේ විදුලි බල මණ්ඩලයේ එම ඉල්ලීම සලකා බැලීමට නියමිත බවයි.
01 Dec, 2023 | 02:13 PM
01 Dec, 2023 | 10:34 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS