දුම්රියේ වන අලි ගැටීම වළක්වන වැඩපිළිවෙළ ඇණහිට ඇති බවට පරිසරවේදීන්ගෙන් චෝදනා..

දුම්රියේ වන අලි ගැටීම වළක්වන වැඩපිළිවෙළ ඇණහිට ඇති බවට පරිසරවේදීන්ගෙන් චෝදනා..

දුම්රියේ වන අලි ගැටීම වළක්වන වැඩපිළිවෙළ ඇණහිට ඇති බවට පරිසරවේදීන්ගෙන් චෝදනා..

කර්තෘ Staff writer

29 Sep, 2023 | 11:14 am

COLOMBO (News 1st) – වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන ඇණ හිට ඇති බවට පරිසර සංවිධාන චෝදනා කරයි. 

පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යේෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා සඳහන් කළේ, හබරණ දුම්රිය මාර්ගයේ වන අලි ගැටීම වැලැක්වීම සඳහා පසුගිය කාලයේ වැඩසටහන් රැසක් ආරම්භ කළ බවයි.

ඒ යටතේ දුම්රිය මාර්ගයට ඉහළින් වන අලින්ට ගමන් කිරීම සඳහා පාලම් දෙකක් ඉදිකිරීමටද සැලසුම් කර තිබුණි.

කෙසේ වෙතත් මේ වනවිට එම සියලු සැලසුම් අඩාලවීම හේතුවෙන් වන අලින්ට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව ඇති බව හේමන්ත විතානගේ මහතා පෙන්වා දෙයි. 

ගල්ගමුව සහ අඹන්පොල දුම්රිය ස්ථාන අතරදි කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී ඊයේ අලුයම වන අලි  හතර දෙනෙකු මිය ගියේ ය. 

මේ අතර ඇතින්නක් හා අලි පැටියෙකු දුම්රියේ ගැටී මිය ගියේ හබරණ, පලුගස්වැව කිලෝමීටර් 125 කණුව ආසන්නයේදී ය.

මේ සම්බන්ධයෙන් වනජිවි දෙපාර්තමේන්තුවෙන් නිවුස් ෆස්ට් විමසීමක් කළේ ය. 

එහි නිලධාරියෙකු සඳහන් කළේ, මේ වනවිට හබරණ දුම්රිය මාර්ගයේ ගමන් කරන එන්ජින්වල වනජිවී නිලධාරින් ගමන් නොකරන බවයි.

එලෙස නිලධාරින් යෙදවීමෙන් වන අලි දුම්රියේ ගැටිම වළක්වා ගත නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේ ය. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]