හරක්කටා පලා යෑම:උදව් කළ අයෙක් ළඟ ජංගම දුරකතන රැසක්

හරක්කටාට CIDයෙන් පලා යෑමට උදව් කළ සැකකරුවෙකු සතුව තිබී ජංගම දුරකතන තොගයක් සොයා ගැනේ...

by Staff writer 28-09-2023 | 3:18 PM

COLOMBO (News 1st) – නඳුන් චින්තක නොහොත් හරක්කටා සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට උදව් කළ සැකකරුවෙකුගේ පිළියන්දල නිවසක තිබී ජංගම දුරකතන 04 ක් සොයාගෙන තිබේ. 

පොලිසිය සඳහන් කළේ, හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රැගෙන යාමට මෝටර් රථයෙන් පැමිණි සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත එම ජංගම දුරකතන සොයා ගත් බවයි.

හරක් කටා රැගෙන යාමට සංජිව කුමාර නොහොත් පොඩ්ඩා යන අය මිදිගම රුවන් සමග සබඳතා පවත්වා ඇත්තේ එම ජංගම දුරකතනවලින් බව සඳහන් ය.

මේ වනවිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.