.webp)
ක්‍රිස්තු වර්ෂ 571 දී නබිනායක තුමාගේ උපත සිදු වූයේ සෞදි අරාබියේ මක්කම නගරයේදීයි.
ආමිනාතුමියට හා අබ්දුල්ලා යන දෙපළට දාව උපන් දරුවාට උපතේ සිට ම පිය සෙනෙහස අහිමි වූ අතර වයස අවුරුදු 6 පමණ වන විට මව් සෙනෙහස ද අහිමි විය.
කුඩා කළ නිසි අධ්‍යාපනයක් නොළ ද ඔහු තරුණ වියේදී එඩේර ජීවිතයක් ගත කළත්, පසුව ව්‍යාපාරිකයෙකු ලෙස විවිධ ප්‍රදේශවල සංචාරය කළේ ය.
පසුව අන් අය අතර විශ්වාස ගොඩනගාගත් එතුමන් අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් ද ප්‍රචලිත විය.
ඉස්ලාම් දහම ලොවපුරා ව්‍යාප්ත කළ එතුමන්ට හතලිස් වැනි වියේදී අල්ලා දෙවියන්ගේ පණිවුඩකරු වීමේ වරම් ලැබුණි.
අරාබිකරයේ ප්‍රජාව යහ මගට යොමුකළ එතුමන්, 23 වසරක් දේව මෙහෙවර ඉටු කළේ ය.