ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම 01 වැනිදායින් ඇරඹෙයි..

ලබන වසර වෙනුවෙන් ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම ලබන 01 වැනිදායින් ඇරඹෙයි.. - ආරක්ෂක අමාත්‍යාංශය

by Staff writer 28-09-2023 | 5:56 PM

COLOMBO (News 1st) – ලබන වසර වෙනුවෙන් ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම ලබන 01 වැනිදායින් ආරම්භ වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 

එම කටයුතු දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වනු ඇති. 

එම දිනයෙන් පසු 2024 වර්ෂය වෙනුවෙන් ගිනි අවි බලපත්‍ර අළුත් කිරීම සිදු නොකරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 

2024/2025 වර්ෂ සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම ද ලබන 01 වැනිදා ආරම්භ වෙයි.  

එම කටයුතු දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීමට නියමිතයි. 

ඉන්පසු සිදු කරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීම හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.