ජනපති අද ජර්මනියේදී බර්ලින් ගෝලීය සංවාදය අමතයි

ජනපති අද ජර්මනියේදී බර්ලින් ගෝලීය සංවාදය අමතයි

by Staff writer 28-09-2023 | 6:57 AM

COLOMBO (News 1st) - බර්ලින් ගෝලීය සංවාදයේ පළමු දිනයේ රාජ්‍ය නායකයන්ගේ සංවාද සැසියේ සමාරම්භක දේශනය අද (28) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමතීමට නියමිතය.

සංවාදය අද සහ හෙට (29) පැවැත්වේ.

ගෝලීය භූ දේශපාලනික සහ ආර්ථික ගැටලු සාකච්ඡා කිරීම සඳහා බර්ලින් ගෝලීය සංවාදයට දේශපාලනික, ව්‍යාපාරික සහ සමාජීය වශයෙන් බලගතු පුද්ගලයන් සහභාගී වීමට නියමිතය.

මෙම සමුළුව අතරතුර ජනාධිපතිවරයා විසින් ඊට සහභාගී වන රාජ්‍ය නායකයින් සහ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමට ද සූදානම් බව සඳහන් වේ.

ජර්මානු රජයේ ජනමාධ්‍ය හා තොරතුරු කාර්යාලය සඳහන් කළ්, එරට චාන්සලර් ඕලාෆ් ෂොල්ස් මහතාගේ ප්‍රධානත්වයෙන් සංවාදය පැවැත්වෙන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මානු චාන්සලර්වරයා අතර සාකච්ඡාවක් ද මීට සමගාමීව පැවැත්වෙන අතර  ජනාධිපතිවරයා දින 4 ක් ජර්මනියේ රැඳී සිටිනු ඇති.