ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 28-09-2023 | 6:00 AM

1. මෙරටට හොරොයින් ගෙන්වීම වරදට පුද්ගලයින් 5 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම් - මෙරටට හෙරොයින් ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ වරදකරුවන් 5 දෙනෙකුට මරණ දඬුවම හිමිව තිබේ.

2. ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කළත්, සම්පූර්ණ අර්ථික ප්‍රකෘතියක් තවමත් සහතික වී නැහැ - IMF - මෙරටට ලබා දුන් විස්තීරණ ණය පහසුකමේ පළමු සමාලෝචනය අවසන් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස ඊයේ ( 27) පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්විය.

3. හොර පාරෙන් ‍සන්නිවේදන උපකරණ රටට ගෙනා තිදෙනෙක් කටුනායකදී කොටු - නිතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සන්නිවේදන උපකරණ තොගයක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු කටුනායක ගුවන්තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

4. විදුහල්පති සේවයේ 3 වන ශ්‍රේණියේ පුරප්පාඩු පිරවීමට වහාම බඳවා ගැනීම් කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග - ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය. 

5. උසස් පෙළ විභාගය පවත්වන දිනය ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ - අධ්‍යාපන අමාත්‍යාංශය - අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.