English
தமிழ்
කර්තෘ Staff writer
27 Sep, 2023 | 12:31 pm
COLOMBO (News 1st) – නේපාලය අද පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලෝක වාර්තා 7ක් තමන් සතු කර ගැනීමට සමත් විය.
ඒ 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මොංගෝලියාව සමග පැවති තරගය ලකුණු 273කින් ජය ගනිමිනි.
චීනයේ හංජෝ නුවරදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි නේපාලය වෙනුවෙන් කුෂාල් මල්ලා පන්දු 34 කින් ශතකයක් රැස් කළේ ය.
ඔහුගේ එම ශතකය වාර්තා අතරට එක්වන්නේ ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ ක්‍රිඩකයකු විසින් වාර්තා කළ වේගවත්ම ශතකය ලෙසයි.
දීපේන්ද්‍ර සිං ඒරී අද මොංගෝලියාවට එරෙහිව ක්‍රීඩකයකු විසින් රැස් කළ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළේ ය.
පන්දු 9 ක් පමණක් වැය කරමිනි.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් නේපාල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 314 කි.
එය වාර්තා අතරට එක්වුණේ පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් විසින් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මොංගෝලියා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 13යි පන්දුවක් අවසානයේ ලකුණු 41කට දැවී ගියේය.
මෙම තරගයේදී තුන්වැනි කුඩුල්ලේ ඉහළම ලකුණු සබඳතාව කණ්ඩායමක් විසින් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයක් ජයගත් ඉහළම ලකුණු පරතරය ,පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයක හොඳම ප්‍රහාරාත්මක වේඟය රදවා ගැනීම, පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයක ඉනිමකදී වාර්තා වූ වැඩිම 6 පහර සංඛ්‍යාව යන වාර්තාද ඊට ඇතුළත් වේ.
24 Nov, 2023 | 07:52 AM
20 Nov, 2023 | 04:28 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS