.webp)
COLOMBO (News 1st) - නිතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සන්නිවේදන උපකරණ තොගයක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු කටුනායක ගුවන්තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කලේ,,, ඔවුන් 22, 27 හා 46 වයස්වල පසුවන කොළඹ 10 පදිංචිකරුවන් බවයි.
කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ සිට පිටව යාමට සුදානම් වු මොටර් රථයක් පරික්ෂා කිරිමේදි එම සන්නිවේදන උපකරණ තොගය සොයාගෙන තිබේ.
එහිදි නිතිවිරෝධීව මෙරටට රැගෙන එන ලද ලැප්ටොප් 09 ක්, ස්මාර්ට් ජංගම දුරකථන 121, කුඩා ජංගම දුරකථන 100 ක්, චාජර් 240 ක්, දුරකථන බැටරි 240 ක් සහ දුරකථන ඇසුරුම් 240 ක් සොයා ගැනිණ.
සිද්ධීය සම්බන්ධයෙන් ගුවන්තොටුපල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.