සයිබර් ආරක්ෂාව ගැන පැමිණිලි 20,800ක්

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් පැමිණිලි 20,800 කට අධික සංඛ්‍යාවක් - පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

by Staff writer 27-09-2023 | 6:04 AM

COLOMBO (News 1st) - සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් වසරේ මේ දක්වා කාලය තුළ පැමිණිලි 20,800 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා සඳහන් කළේ, ඒ අතුරින් බහුතරය සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධ පැමිණිලි බවයි.

සමාජ මාධ්‍ය ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වීම හා ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් පෙන්නුම් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.